පසුගිය බදාදා(06) පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිලිප් වෙදආරච්චි සහ මයන්ත දිසානායක යන මහත්වරුන් විසින් ඉන්ධන අර්බුධය හේතුවෙන් ධීවර ජනතාව මුහුණ දෙන ප්‍රශ්න මතුකරන ලදී.
එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සියළු පාර්ශව වල සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට දිනයක් එදිනම ලබා දුන්නේය.ඒ අනුව අද (8) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සියළු පාර්ශව වල සහභාගීත්වයෙන් එම සාකච්ඡාව පැවැත්විණි.
ඉන්ධන අර්බු ධයත් සමග ධිවර ප්‍රජාව මුහුණ දෙන ගැටළු පිලිබඳව ඛනිජ තෙල් අමාත්‍ය කාංචන විජේසේකර මහතා මෙහිදී පැහැදිලි කිරීමක් සිදු කළේය.
ඒ අනුව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ ඛනිජ තෙල් අමාත්‍ය කාංචන විජේසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමටත්, ධිවර ප්‍රජාව මුහුණ දෙන ගැටළුවලට සහන ලබා දීම වෙනුවෙන් අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දුන්නේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිලීප් වෙදආරච්චි,නිමල් ලංසා, නිරෝෂන් පෙරේරා, පියල් නිශාන්ත, සනත් නිශාන්ත, මයන්ත දිසානායක යන මන්ත්‍රීවරුන් කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස පත්විය. කමිටු සාමාජිකත්වය සඳහා මහා භාණ්ඩාගාරය නියෝජනය කරමින් නියෝජිතයෙකු ඉදිරියේදී නම් කරන බව සඳහන් කල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාල අමාත්‍යංශවල ලේකම්වරුන් සහ නිලධාරීන් ද මෙම කමිටුවේ සාමාජිකයින් ලෙස පත්කර ගන්නා ලෙසද උපදෙස් ලබා දුන්නේය.