මහජන උපයෝගිතා කොමිසමේ සභාපති හෝ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල සහ වෙනත් යම් කරුණක් සම්බන්ධයෙන් කෝප් කමිටුව සහ මහජනතාව නොමඟ යවා තිබේද යන්න පිළිබඳව පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට එම ට්විටර් පණිවුඩයේ වැඩි දුරටත් සටහන් වේ.
එම ට්විටර් පණිවුඩයට ප්‍රතිචාර දක්වමින් කෝප් කම්ටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයක සටහන් වන්නේ, මෙම ගැටලුව පිළිබඳව සොයා බැලීම සඳහා බලශක්ති සහ බලශක්ති අංශය,ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ජූලි 12 වැනි දින පෙ.ව. 10ට කැඳවීමට කෝප් කමිටුව දැනටමත් තීරණය කර තිබෙන බවය.