2022.07.08 දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඇතුලු අතිරේක ලේකම්වරුන්, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්, විෂය අධ්‍යක්ෂකවරු සහ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් ද සම්බන්ධකර ගනිමින් වර්තමානයේ පවතින ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා ද පදනම් ව වෘත්තීය සමිතිවල අදහස් ද ලබාගෙන 2022.07.11 සිට 2022.07.15 දින දක්වා දිවයිනේ සියලු ම පාසල් සඳහා නිවාඩු ලබා දෙන අතර, 2022 වර්ෂයට අදාළ පාසල් දින දර්ශනයට අනුව 2022.07.18 සඳුදා දින සිට පාසල් විවෘත කිරීමට තිරණය කර ඇත.