අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (09) විශේෂ ප්‍රකාශයක් කරමින් මෙසේ පැවසිය.
තමන් ජනාධිපතිවරයාට සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කිරීමට යෝජනා කළ බවත් කී අග්‍රාමාත්‍යවරයා,ඉන්ධන ප්‍රශ්නයක්,ආහාර හිඟයක් තිබෙන බවත් කීය.
තවදුරටත් අඳහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා;
''ආහාර වැඩසටහනේ ප්‍රධානියා ලංකාවට එනවා.අයි.එම්.එෆ් සමඟ වැදගත් කරුණු කීපයක් සාකච්ඡා කිරීමට තිබෙනවා.එබැවින් මේ ආණ්ඩුව ඉවර වුණාම අලුත් ආණ්ඩුවක් එවෙලෙම පත් කිරීමට වුවමනයි.රටේ ආණ්ඩුවක් නොමැතිව මේ අවස්ථාවේ ගෙන යාම වැරැද්දක්.මේ ආණ්ඩුව ඉවත් වනවිට අලුත් ආණ්ඩුවක් තියෙන්න ඕන යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.''