අද රැස්වූ පක්ෂ නායක තීරණය පෞද්ගලිකව ජනාධිපතිවරයා දැනුවත් කළ බව කී කතානායකවරය, ඔහු විසින් එම තීරණය ක්‍රියාත්මක කිරීමට එකඟතාව පළ කර සාමකාමීව පාලනය බාර දීමේ අවශ්‍යතාවය නිසා,ඔහුගේ ඉල්ලා අස්වීම,13 වන බදාදා සිදු කරන බව රටවැසියන්ට දන්වන ලෙස මා වෙත දැනුම් දුන්නේ යැයි පැවසීය.
තවදුරටත් කරුණු දැක්වු කතානායකවරයා:
''එබැවින් තවදුරටත් රටේ නොසන්සුන්තාවක් ඇති කිරීමට අවශ්‍ය නොවන බැවින් සාමකාමීව පාලනය බාරගත හැකිවන පරිදි රට සන්සුන්ව තැබීමට ඔබ සියලු දෙනාගේම සහයෝගය රට වෙනුවෙන් හා අපේ රටේ ජාතියේ අනාගතය වෙනුවෙන් ලබාදෙන ලෙස ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
මේ වනවිට ගරු රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාගේ පෞද්ගලික නිවසට ගිනිතබා විනාශ කර ඇති අතර ඇතැම් පිරිස් ප්‍රචණ්ඩත්වය මුදා හැරීමට කටයුතු කර ඇත.එබැවින් තවදුරටත් එම ක්‍රියාවලට මැදිහත් නොවී සාමකාමීව නිවෙස්වලට විසිර යන ලෙස සියලු දෙනාගෙන් ම වගකීමෙන් යුක්තව ඉල්ලා සිටිමි.
එසේම මෙම කටයුතු සාර්ථකව අවසන් කරන තෙක් රටේ දෛනික කටයුතු සාමන්‍ය පරිදි පවත්වාගෙන යන ලෙසට සියලු රාජ්‍ය සේවකයන්ගෙන් සහ මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිමි.''