මෙම සුහද හමුවේදී, දෙරට අතර වසර ගණනාවක් පුරාවට පවතින ද්වීපාර්ශ්වික සබඳතා, දෙරටෙහි සන්නද්ධ හමුදාවන් ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන පුහුණු වැඩසටහන් මෙන්ම ද්වීපාර්ශ්වික වැදගත්කමකින් යුත් තවත් කරුණු රැසක් පිළිබඳ සාකච්ඡාවට බඳුන් විය.
ඉන් අනතුරුව, ශ්‍රී ලංකාවේ පකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් ලෙස අභිනවයෙන් පත්වීම් ලැබූ මේජර් ජෙනරල් උමාර් ෆාරුක් බුර්කි, හිලාල්-අයි-ඉමිටියාස් (විශ්‍රාමික) මහතා වෙත යුද්ධ හමුදාධිපති සිය සුබපැතුම් එක්කළ අතර තම උපරිම සහයෝගය එතුමන් වෙත ලබාදෙන බවට සහතික විය.
මෙම සුහද හමුව සමාප්තියේ සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.
මෙම සුහද හමුව සඳහා පකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් මොහොමඩ් සෆ්දාර් මහතා ද සහභාගී විය.