ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විසින් සිදුවිම පිළිබඳව ට්විටර් සටහනක් තබමින් නිවේදනය කර තිබේ.
එම සටහන මෙසේ ය:
රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීම ඇතුලු දේපල වලට කරනු ලබන හානි නීතිඥ සංගමය හෙලා දකියි.මෙවැනි ක්‍රියාවන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට හා ජනතාවට විශාල හානියක් සිදු කරනු ඇත. මෙවැනි ක්‍රියාවන් නොකරන ලෙසටද වෙනත් අයට මෙවැනි සාපරාධී ක්‍රියාවන් කිරීමට ඉඩ නොදෙන ලෙසටද අප ඉල්ලා සිටිමු