පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    ඉන්දීය පොහොර බෙදා හැරීම අද ඇරඹේ

    ජූලි 12, 2022

    ඉන්දීය රජය ලබා දෙන ලද පොහොර තොගය අද (12) බෙදාහැරීමේ කටයුතු ආරම්භ කරන බවත් ඒ පිළීබඳව විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත් කොමර්ෂල් පොහොර සමාගමේ සභාපතිවරයා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ.

    අමාත්‍යවරයා සිදු කළ විමසීමක දී සභාපතිවරයා මේ බව පවසා තිබේ.

    මෙම පොහොරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් අන්තර්ජාතික රසායනාගාර 03කින් රසායනික වාර්තා ලැබී ඇති අතර එම වාර්තා තුනෙන්ම පොහොරවල අඩංගු බයියුරේට් ප්‍රතිශතය 1%ට වඩා අඩු බව තහවුරු කර ඇත. එසේ වුවද ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් ද මෙරට ප්‍රමිති සහතිකය ලබා ගැනීම සඳහා පියවර ගෙන ඇත.


    ඒ අනුව යූරියා පොහොර බෙදාහැරීමට අවශ්‍ය මුලික කටයුතු ආරම්භ කරන ලෙස ජාතික පොහොර ලේකම් කාර්යාලය කොමර්ෂල් පොහොර සමාගමට උපදෙස් දී තිබේ.මෙම යූරියා පෙහොර ප්‍රවාහනයේදී යම් අක්‍රමිතතාවන් සිදුවීමට ඉඩ ඇති බැවින් එය වළක්වා ගැනීම සඳහා සියලු නිලධාරීන් අඛණ්ඩව අවධානයෙන් කටයුතු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.


    මෙම යූරියා පොහොර ප්‍රවාහනය කරන එක් ලොරියක ඇති පොහොරවල වටිනාකම රුපියල් මිලියන ගණනක් වන අතර ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරන ලොරි රථ ඝ්ඵ්S උපයෝගි කර ගනිමින් ද නිරීක්ෂණය කෙරේ.


    යූරියා පොහොර තොගය කොළඹ වරායෙන් ගොඩබෑමේ කටයුතු පැය 24 පුරාම සිදු කෙරෙන අතර දින 10ක් තුළ ගොඩබෑමේ කටයුතු අවසන් කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya