පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    ඉන්දීය රජය ලබාදුන් පොහොර වගාව සඳහා යොදාගත හැකියි- ජාතික පොහොර ලේකම් කාර්යාලය

    ජූලි 12, 2022

     ඉන්දීය රජය ලබාදුන් පොහොර වගාව සඳහා යොදාගත හැකියි- ජාතික පොහොර ලේකම් කාර්යාලය

    ඉන්දීය රජය ලබාදුන් පොහොර තොගයේ මෙරට සිදුකළ පරීක්ෂණ වාර්තාව අනුව එහිබයියූරේට ප්‍රතිශතය සියයට 0.9ක් (0.9%)බව ජාතික පොහොර ලේකම් කාර්යාලයට ඊයේ (11) දැනුම් දීතිබේ.

    මෙම පොහොර තොගය සම්බන්ධව ජාතික පොහොර ලේකම් කාර්යාලය මෙරටරසායනාගාරයකින්ද ප්‍රමිති වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කර ඇත.

    මින් පෙර මෙම පොහොර සම්බන්ධව අන්තර්ජාතික රසායනාගාර වාර්තා 03ක් ලබාගත්අතර, එම වාර්තා ද සඳහන් කර තිබුණේ බයියුරේට් ප්‍රතිශතය 0.65%ක අගයක් ගන්නා බවයි.

    සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ භාවිත කරන ලද යූරියාවල බයියුරේට් ප්‍රතිශතය 1%කි. ඉන්දීයරජය ලබාදෙන ලද යූරියා පොහොර ශ්‍රී ලංකාවේ වී වගාව ඇතුළු වගාවන් සඳහා යෙදවීමටකිසිදු ගැටළු සහගත තත්ත්වයක් නොමැති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය ඊයේ(11) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත දැනුම් දෙනු ලැබීය.

     

    ඒ අනුව මෙම පොහොර වී, බඩඉරිඟු ඇතුළු බෝග සඳහා අද සිට ලංකා කොමර්ෂල්පො‍හොර සමාගම විසින් දිවයින පුරා පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත බෙදාහැරීමට කටයුතු යොදා ඇත.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya