ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සො අබේගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා, පාර්ලිමේන්තුවේ සභානායක, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍ය, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද 12) පෙරවරුවේ, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයට පැමිණියේය. ශෝක සටහන තැබූ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිතුමා හිඩෙආකි මිසුකෝෂි මහතාද සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ එක්විය.
ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සො අබේගේ අභාවය වෙනුවෙන් 2022 ජූලි 12 මෙරට ජාතික ශෝක දිනයක් ලෙසද, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍ය, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය මගින් ප්‍රකාශයට පත් කෙරිණි.
ජපානයේ නාරාහි දේශනයක් පවත්වමින් සිටින අතරතුර එල්ල වූ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ 2022.07.08 වැනිදා ජීවිතක්ෂයට පත් විය.