පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රි ලාංකිකයින් 110 කු සඳහා කොරියානු රැකියා වරම් හිමිවේ

    ජූලි 13, 2022

    කොරියානු රැකියා සඳහා ගිවිසුම් හිමි වූ තවත් ශ්‍රි ලාංකිකයින් 110 දෙනෙකු දකුණු කොරියාව බලා පිටත් වෙයි.

    මෙම කණ්ඩායම දකුණු කොරියාව බලා පිටත්ව යන 724 වන කණ්ඩායමයි.

    ශ්‍රි ලංකා රජයේ නියෝජිතයින් හා දකුණු කොරියානු රජයේ නියෝජිතයින් අතර පසුගිය සමයේ පැවති සාකච්ඡාවලදී මාස 6ක් තුළ ශ්‍රි ලාංකිකයින් 5800 දෙනෙකු කොරියානු රැකියා සඳහා පිටත්කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලදී. එහි ප්‍රථිඵලයක් ලෙස කඩිනමින් රැකියා ගිවිසුම් අත්සන් කර ශ්‍රි ලාංකිකයින් දකුණු කොරියාවට පිටත්කිරිමට කටයුතු කරමින් පවතී.

    ශ්‍රි ලංකාව හා දකුණු කොරියාව අතර අත්සන් කෙරුණු රාජ්‍යතාන්ත්‍රික ගිවිසුම අනුව කොරියානු රැකියා සඳහා පුද්ගලයින් ගෙන්වා ගැනීම දකුණු කොරියාව විසින් සිදුකරන අතර, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අදාල ගිවිසුම් ලැබීමෙන් අනතුරුව රැකියා ලාභීන් යොමුකිරීමේ කටයුතු කඩිනමින් සිදුකරමින් සිටියි. කොවිඩ් වසංගතය සමයේ විදේශ රැකියා සඳහා ගෙන්වාගැනීමේ හා බඳවාගැනීම්වල යම් ප්‍රමාදයක් සිදුවුවද, කොරියානු රජය සමග කාර්යාංශය අඛණ්ඩව කටයුතු කිරීම හේතුවෙන් කොරියානු රැකියා සඳහා ශ්‍රමිකයින් ගෙන්වාගැනීම් වර්ධනය වෙමින් තිබේ.

    මේ අතර, 39 දෙනෙකුගෙන් යුත් කොරියානු රැකියා සඳහා පිටත්ව යන 725 වන කණ්ඩායම ( 13) දින කොරියාව බලා පිටත්ව යාමට නියමිතය.

    2022 වර්ෂයේ ජනවාරි සිට මේ දක්වා ශ්‍රි ලාංකිකයින් 3219 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya