දැනට කොළඹට පැමිණි මඟීන්ට ඔවුන්ගේ නිවාස වෙත යැවීම සඳහා කොළඹ සිට කොළඹින් බැහැරට ධාවනය වෙන දුම්රිය සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ක්‍රියාතමක කෙරෙන බවත්, මේ මොහොතේ බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පනවා ඇති බැවින් දුරබැහැර සිට කොළඹට පැමිණෙන දුම්රිය නැවත දැනුම්දෙන තුරු නවතා දැමීමට කටයුතු කර තිබෙන බව දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කරයි.
රජයේ නිල වෙබ් අඩවිය අමතමින් අද (13) ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.