පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    නීතිය හා සාමය ආරක්ෂා කර ගැනීමට ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට ඔබගේ සහාය ලබා දෙන්න - වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ

    ජූලි 13, 2022

    මෙරට නීතිය හා සාමය ආරක්ෂා කර ගැනීම අවශ්‍ය වන අතර සාමාන්‍ය ජනයාගේ නිවෙස් ආරක්ෂා කර ගැනීමටත්, අග්‍රාමාත්‍ය කාර්යාලය, ජනාධිපති කාර්යාලය තුල තිබෙන වැදගත් ලිපිගොනු අස්ථානගත වීමට ඉඩ දිය නොහැකි බවත් එම නිසා හදිසි නීතිය සහ ඇඳිරිනීතිය පනවා රටේ උද්ගතව ඇති මෙම තත්ත්වය නැවත සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට ආරක්ෂක අංශ වලට තමන් උපදෙස් ලබා දී ඇති බවත් ඒ අනුව ඒ අනුව තමන් විසින් ලබා දී ඇති උපදෙස් වනු හදිසි නීතිය සහ ඇඳිරිනීතිය ක්‍රියාත්මක කරගෙන යමින් තිබෙන බවත් වැඩබලන ජනාධිපති,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (13) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.


    ඒ සඳහා විශේෂයෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, පොලිස්පති සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් යුත් කමිටුවක් පත් කොට එම කමිටුවට සම්පුර්ණ බලතල ලබා දී ඇතැයි ද, මෙම නීතිය හා සාමය ආරක්ෂා කර ගැනීමට දේශපාලන අතපෙවීම් වලින් තොරව සිදු කිරීමට ද තමන් එම කමිටුව වෙත උපදෙස් ලබා දී ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කරයි.

    මෙරට ජනතාවගේ සර්වජන ඡන්ද බලයත්, ජනතාවගේ ස්වාධිපත්‍යයත් ක්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තුව මඟින් වන අතර ඇතැමුන් මෙරට ව්‍යවස්ථාව හා පාර්ලි‌‌මේන්තුව වැඩකට නැති දෙයක් බවත්, ඔවුන් පවසන දේ ක්‍රියාවට නංවන ලෙසත් ප්‍රකාශ කරමින් අරගල කළ ද එසේ මෙරට ව්‍යවස්ථාව නොසළකා හැරිය නොහැකි බවත් ප්‍රකාශ කළ වැඩබලන ජනාධිපතිවරයා මෙරට අනාගතයට, මෙරට දරුවන්ට, මෙරට පුරවැසියන්ට මේ රට ආරක්ෂා කරගනු වස් නීතිය හා සාමය ආරක්ෂා කර ගැනීමට ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට පුරවැසියන්ගේ සහාය ලබා දෙන ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya