මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ, රජයේ සහ පෞද්ගලික දේපළ විනාශ නොකරන ලෙස ය.
පක්ෂ නායකයින්ගේ රැස්වීමක් කැඳවා දේශපාලන වශයෙන් ගනු ලබන තීරණ පිළිබඳ ත්‍රිවිධ හමුදාපතිවරුන්ට සහ පොලිස්පතිවරයාට දැනුම් දෙන ලෙස කතානායකවරායාගෙන් ඉල්ලීමක් කළ බව ද ඔහු මෙහිදී වැඩිදුරට ත් ප්‍රකාශ කළේ ය.
ශ්‍රී ලංකා ත්‍රිවිධහමුදාව සහ පොලීසිය සෑම විටම පවතින ව්‍යවස්ථාව අනුව කටයුතු කරන බව කී ශවේන්ද්‍ර සිල්වා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම අද දිනයේ සිදු වන බවට කථානායකවරයා දැනුම් දුන් බවත් ජනාධිපතිවරයාගේ අස්වීමත් සමග ඉදිරියේදී නව ජනාධිපතිවරයෙකු පත් වන තෙක් අතර කාලසීමාව තුළ ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කථානායකවරයා සමග සාකච්ඡා කළ බවද කීය