වස් ආරාධනා කිරිම සිදුකළේ , අනුරාධපුර මහ දිසාපති ජනක ජයසුන්දර මහතා යි. ඒ අනුව 14 දිනයේ සිට වස් වාසය ඇරඹේ. මෙවර මිහින්තලාවේ වස් වාසය සඳහා තායිවානයේ වැඩ වසන පූජ්‍ය බෝදාගම චන්දිම හිමිපාණන් ඇතුළු තායිවාන භික්ෂු භික්ෂුනීන් වහන්සේ පිරිසක් ද වැඩමකර සිටීම විශේෂත්වයකි.
මේ අවස්ථාවේදී වස් ආරාධනා කරමින් අනුරාධපුර මහ දිසාපතිවරයා කියා සිටියේ වස් සමයේ භික්ෂූන් වහන්සේ උදෙසා සිව්පසයෙන් සංග්‍රහ කිරීමේ කාර්යය සිදුකරන බවයි. වස් වාසය සදහා මිහින්තලාවේ අටසැට ලෙන් ද සකස්කර ඇත්තේ ආරක්ෂක අංශවල දායත්වයෙන්. මේ අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන විජය වනසිංහ , සන්ධ්‍යා අබේසේකර යන මහත්ම මහත්මීන් , මිහින්තලේ ප්‍රාදේශිය ලේකම් රුවන් ඒකනායක , සහකාර දිස්ත්‍රික් ලේකම් අයෝමි රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් රාජ්‍ය කඨින පිංකම් කටයුතු සිදුකෙර්.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
අනුරාධපුරය