ජනාධිපතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස් වූ බවට සඳහන් ලිපිය පසුගිය 13 දින ලැබීමට නියමිත බව කතානායකවරයා විසින් මීට පෙර රට හමුවේ ප්‍රකාශ කර තිබුණි.
කෙසේ වෙතත් අදාළ ලිපිය ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ සිංගප්පුරු තානාපති කාර්යාලය මඟින් (14) යොමු කර තිබූ බවට කතානායක කාර්යාලය වාර්තා කළේ ය.
මේ වනවිට අදාළ ලිපිය සම්බන්ධව පවතින නිවැරැදිභාවය සහ නීතිමය තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව මේ පිළිබඳ නිල ප්‍රකාශය අද දිනය ඇතුළත ප්‍රකාශ කරන බව ඊයේ කතානායක කාර්යාලය ප්‍රකාශ කර තිබුණි.