ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(1) ආ වගන්තිය ප්‍රකාරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් එවන ලද ඉල්ලා අස්වීමේ ලිපිය ලැබී තිබෙන බවත් ඒ අනුව 2022 ජූලි මස 14 දින සිට ජනාධිපතිවරයා සිය ධූරයෙන් නීත්‍යාණුකූලව ඉවත්ව තිබෙන බව කතානායකවරයා නිවේදනය කළේ ය.
අද (15) කතානායක නිල නිවසේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව නිවේදනය කළේ ය.