ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් නීත්‍යාණුකූලව ඉල්ලා අස් වී තිබෙන බව අද (15) නිල වශයෙන් ප්‍රකාශ කරමින් සිදු කළ ප්‍රකාශයේ දී කතානායකවරයා මේ බව සඳහන් කළේ ය.
අද (15) කතානායක නිල නිවසේ දී මේ බව නිවේදනය කළේ ය.
''මෙතැන් පටන් නව ජනාධිපතිවරයකු තෝරා පත් කරගැනීමේ ක්‍රියාදාමය ක්‍රියාත්මක වනු ඇත. එම ක්‍රියාදාමය අවසන් වන තෙක් ජනාධිපතිධුරයේ බලතල,කාර්යය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යවස්ථාව ප්‍රකාරව අග්‍රාමාත්‍යවරයා කටයුතු කරනු ඇත.
නව ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම පක්ෂ නායක රැස්වීමේ දී සියලු පක්ෂ නායකයින් දැනුවත් කළ ආකාරයට 1981 අංක 02 දරන ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ විශේෂ විධිවිධාන පනත සහ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වන වගන්තිය ප්‍රකාරව ක්‍රියාත්මක කරනු ලැබේ.
මෙම කටයුත්ත ඉතා ඉක්මනින් සාර්ථකව අවසන් කිරීම මාගේ අරමුණයි.දකුණු ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ආඩම්බර වන අප මෙම ක්‍රියාදාමය උපරිම ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ හා විනිවිදභාවයකින් ක්‍රියාත්මක කිරීම,අප රටේ පමණක් නොව ලෝක දේශපාලන ඉතිහාසයට ද වැදගත් ඓතිහාසි සිදුවීමක් වනු ඇත.
එබැවින් මෙම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට උපරිම සහයෝගය ලබාදෙන ලෙස සියලු පක්ෂ නායකයින්ගෙන්,රාජ්‍ය නිලධාරීන්ගෙන්,ආරක්ෂක අංශ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි.
විශේෂයෙන් ම අපේ රටේ ගෞරවනීය සහ ආදරණීය මහජනතාවගෙන් ඉල්ලා සිටිනුයේ නිසි ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රම්වේදය ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් හට නිදහසේ තම හෞද සාක්ෂියට එකඟව කටයුතු කිරීමට හා රැස්වීම සඳහා සහභාගී විමට සුදුසු සාමකාමී වාතාවරණයක් උදාකර දෙන ලෙසයි.
එවැනි සාමකාමි වාතාවරණයක් තුළ සියලු වගකිව යුත්තන්ගේ සහයෝගය ඇතිව දින 07ක් වැනි කෙටි කාලයක් තුළ සියලු වගකිව යුක්තන්ගේ සහභාගීත්වයෙන් මෙම ක්‍රියාදාමය අවසාන කිරීමට මා බලාපොරොත්තු වෙමි.
ඒ අනුව 16 වන සෙනසුරාදා,දින පර්ලිමේන්තුව රැස්වන බවත් සියලු මන්ත්‍රීවරුන්ට සහභාගී වන ලෙසත් මෙයින් දැනුම් දෙමි. මේ සඳහා ඔබ සියලු දෙනා දක්වන සහයෝගයට මා ස්තූතිවන්ත වෙමි''යැයි පැවසීය