අද (15) කතානායක නිල නිවසේ සිට සිදු කළ ප්‍රකාශයේ දී මේ බව නිවේදනය කළේ ය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් නීත්‍යාණුකූලව ඉල්ලා අස් වී තිබෙන බව එහිදී කතානායකවරයා පැවසීය.
මෙතැන් පටන් නව ජනාධිපතිවරයකු තෝරා පත් කරගැනීමේ ක්‍රියාදාමය ක්‍රියාත්මක වනු ඇති බවත් මෙම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට උපරිම සහයෝගය ලබාදෙන ලෙස සියලු පක්ෂ නායකයින්ගෙන්,රාජ්‍ය නිලධාරීන්ගෙන්,ආරක්ෂක අංශ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් කතානායකවරයා පැවසීය.