අද (15) කතානායක නිල නිවසේ සිට සිදු කළ ප්‍රකාශයේ දී මේ බව නිවේදනය කළේ ය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් නීත්‍යාණුකූලව ඉල්ලා අස් වී තිබෙන බව එහිදී කතානායකවරයා පැවසීය.
''නව ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම පක්ෂ නායක රැස්වීමේ දී සියලු පක්ෂ නායකයින් දැනුවත් කළ ආකාරයට 1981 අංක 02 දරන ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ විශේෂ විධිවිධාන පනත සහ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වන වගන්තිය ප්‍රකාරව ක්‍රියාත්මක කරනු ලැබේ.
මෙම කටයුත්ත ඉතා ඉක්මනින් සාර්ථකව අවසන් කිරීම මාගේ අරමුණයි.දකුණු ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ආඩම්බර වන අප මෙම ක්‍රියාදාමය උපරිම ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ හා විනිවිදභාවයකින් ක්‍රියාත්මක කිරීම,අප රටේ පමණක් නොව ලෝක දේශපාලන ඉතිහාසයට ද වැදගත් ඓතිහාසි සිදුවීමක් වනු ඇත'' යනුවෙන් කතානායකවරයා පැවසීය