පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    වැඩබලන ජනාධිපති ධූරයේ දිවුරුම් දෙයි

    ජූලි 15, 2022

    වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.

    මේ අවස්ථාවට ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද එක් විය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2022-7-14 දින සිට නීත්‍යාණුකූලව සිය ධූරයෙන් ඉල්ලා අස් වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (15) උදෑසන නිල වශයෙන් නිවේදනය කළේ ය.

    ඒ අනුව පුරප්පාඩු වූ ජනාධිපතිධූරය සඳහා ව්‍යවස්ථාණුකූලව අග්‍රාමාත්‍යවරයා පත් වන බව කතානායකවරයා ප්‍රකාශ කළේ ය.

    පාර්ලිමේන්තුව හෙට (16) සෙනසුරාදා රැස්වන බව ද කතානායකවරයා දැනුම් දුන්නේ ය. ජනාධිපතිධුරයේ පුරප්පාඩුවක් පවතින බව හෙට පාර්ලිමේන්තුවට නිවේදනය කෙරෙන බව ද පෙර තීරණය කළ පරිදි නාම යෝජනා කැදවීම ලබන 19 වැනිදා  ද ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම 20 වැනිදා  ද සිදු කෙරෙන බව ද අද පැවති පක්ෂ නායක රැස්වීමේදී කථානායකවරයා දැනුම් දුන් බව පාර්ලිමේන්තු මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya