අද (15) හමුදා රෝහල වෙත ගිය වැඩබලන ජනාධිපතිවරයා, එහි ප්‍රතිකාර ලබන හමුදා සෙබළුන් සමඟ සුහඳ කතාබහක නිරත විය.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා ඇතුළු හමුදා නිලධාරීහු පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.
පසුගිය දිනවල යුද්ධ හමුදා සාමාජිකයින් රාජකාරියේ නියැලෙමින් , කැපවීමෙන් කටයුතු කරනු ලැබූ අතර පාර්ලිමේන්තු සංකීර්ණය අවට ප්‍රදේශයේ පසුගිය දා ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් තුවාල ලැබූ යුද්ධ හමුදා සාමාජිකයින් යුද හමුදා රෝහලේ මෙලෙස ප්‍රතිකාර ලබමින් සිටියි.