යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා , සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු මහතා සහ කොළඹ යුද්ධ හමුදා රෝහලේ නඩත්තු හා කළමනාකරණ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජූඩ් පෙරේරා මහතා විසින් එම රෝහල් පරිශ්‍රය වෙත සපැමිණි ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.
ඉන් අනතුරුව, තුවාල ලැබූ රණවිරුවන්ගේ ප්‍රතිකාර කටයුතු සිදුකරනු ලබන වාට්ටු නිරීක්‍ෂණය කළ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා (විශ්‍රාමික) සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා එම රණවිරුවන් සමඟ සුහද සාකච්ඡාවක නිරත වෙමින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය මෙන්ම ප්‍රතිකාර කටයුතු පිළිබඳව විමසා බැලීය.
මෙම අවස්ථාවේදී තුවාල ලැබූ රණවිරුවන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් ජෙනරල් කමල් ගුණරත්න මහතා (විශ්‍රාමික) “රට තුළ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ රට තුළ නීතිය හා සාමය යථා තත්ත්වයට පත් කිරීම උදෙසා ජීවිත අවධානම නොතකා ඔබ කටයුතු කරනු ලැබූවා. එවැනි කැපවූ භූමිකාවන් ඉටු කළ හැක්කේ ඔබ වැනි විනයගරුක සොල්දාදුවන්ට පමණක් වන අතර පසුගිය සති දෙක තුළ ඔබ සියලු දෙනාම ඒ බව ඉතා පැහැදිලිව ඔප්පු කරා.” යනුවෙන් ප්‍රකාශ කරන ලදී.
ඉන් අනතුරුව, තුවාල ලැබූ යුද්ධ හමුදා සාමාජිකයන්ගේ අවශ්‍යතා පිළිබඳ වෛද්‍ය බලධාරින් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් ජෙනරල් කමල් ගුණරත්න මහතා (විශ්‍රාමික) සහ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා එම රණවිරුවන් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනු ලැබූහ.
SL Army