පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    රුපියල් මිලියන 19 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

    ජූලි 16, 2022

    ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, මණ්ඩතිව් දූපතේ, සම්පකුලම් වෙරළ තීරය, කල්මුණේ තුඩුව වෙරළ තීරය සහ කයිට්ස් අල්ලප්පිඩ්ඩි වෙරළ තීරය ආශ්‍රිතව 2022 ජුලි මස 14 සහ (2022 ජුලි 15) සිදුකළ පාමුර සංචාර සහ විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 65 කට (තෙත බර සහිතව) අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    මුහුදු මාර්ග ඔස්සේ සිදුවන ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීමේ අරමුණෙන් දිවයින වටා වූ මුහුද හා වෙරළාශ්‍රිත ප්‍රදේශයන් ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් සහ මුර සංචාර සිදුකරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනය මගින් යාපනය, මණ්ඩතිව් දූපතේ, සම්පකුලම් වෙරළ ආශ්‍රිතව සහ කල්මුණේ තුඩුව වෙරළ ආශ්‍රිතව 2022 ජුලි මස 14 සහ අද (2022 ජුලි 15) සිදුකළ පාමුර සංචාරයන් මඟින් එම වෙරළ තීරයන්ට ගොඩගසන ලද පාර්සල් 10 ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 50 ග්‍රෑම් 900 ක (තෙත බර සහිතව) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    මීට අමතරව, උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතනය මගින් යාපනය කයිට්ස් දූපතේ අල්ලප්පිඩ්ඩි වෙරළ තීරය ආශ්‍රිතව 2022 ජුලි මස 14 සහ අද (2022 ජුලි 15) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් සහ පාමුර සංචාර මඟින් එම වෙරළ තීරයට ගොඩගසන ලද පාර්සල් 03 ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 14 ග්‍රෑම් 480 ක (තෙත බර සහිතව) පමණ ප්‍රමාණයක්ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මෙම කේරළ ගංජා මෙලෙස අතහැර දමන්නට ඇතැයි සැකකෙරෙන අතර, මෙම කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 19 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

    තවද, නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya