පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තුව අද රැස්වේ  

    ජූලි 16, 2022

    ජනාධිපතිධුරයේ පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුවට නිවේදනය කෙරේ

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ 4 වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව අද (16) සෙනසුරාදා පෙරවරු 10.00 ට රැස්වීමට
    නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සියලු මන්ත්‍රීවරයන් වෙත දැනුම් දෙයි.


    1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ 4 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිධුරයේ පුරප්පාඩුව ඇති වී දින තුනක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවිය යුතුය. මේ අනුව එම පනතේ 5 වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිධුරයේ පුරප්පාඩුවක් පවතින බව මහලේකම්වරයා විසින් අද(16) නිවේදනය කිරීමට නියමිතව ඇත.

    ඊයේ (15) පෙ.ව 10.00 ට රැස්වූ පක්ෂ නායක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභා රැස්වීමේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දන්වා සිටියේ මීට පෙර පක්ෂ නායකයන් විසින් තීරණය කළ පරිදි ලබන 20 වැනිදා නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් තෝරා ගැනීම සිදුකරන බවයි.

    ඒ අනුව ලබන 19 වන අගහරුවාදා නාමයෝජනා කැදවීමත් ඉන් අනතුරුව ලබන 20 වැනි බදාදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමෙන් අනතුරුව මන්ත්‍රීවරයෙකු ජනාධිපතිධුරය සදහා තෝරා ගැනීම සිදුවන බවත් මෙහිදී කථානායකවරයා පැවසීය.

    ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ මෙම ක්‍රියාවලිය නෛතික ප්‍රතිපාදන අනුව කිසිදු බාධාවකින් තොරව කඩිනමින් සිදු කිරීම සදහා සියලු පාර්ශවයන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවද කථානායකවරයා වැඩිදුරටත් මෙහිදී පැවසීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya