පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    පළමුව කළ යුත්තේ රටතුළ යම් දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීමයි

    ජූලි 16, 2022

    හැකි ඉක්මනින් දේශපාලන ස්ථාවරත්වයක් රටතුළ ඇති නොවුනහොත් ජනතාව තවත් පීඩාවට පත් වනු ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

    බීබීසී සිංහල සේවයේ සම්මුඛ සාකච්ඡාවකට (15) එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය.

    මේ වන විට මහ බැංකුව මුදල් ලබා දී ඇත්තේ ඉදිරි සති දෙකට ප්‍රමාණවත් ඉන්ධන ගෙන්වීමට පමණක් බව ඒ මහතා එහිදී පවසා ඇත.

    ජනතාව විදින පීඩාව අඩු කිරීමට යම් පිරිසකගේ උවමනාවක් තිබේ නම්, පළමුව කළ යුත්තේ රටතුළ යම් දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීම බවත් එසේ නොවන්නේ නම්, ජනතාව තවදුරටත් පීඩවට පත් වනු ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.

    ඉදිරි සති දෙක සඳහා පමණක් ඉන්ධන ලබාගැනීමට මුදල් ලබා දී ඇති බවත් ඉදිරියේ පත්වන රජයට ඉන්ධන ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වීමට වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ඒ මහතා පෙන්වා දෙයි. ඉදිරි මාසයේ සිට අවශ්‍ය ඉන්ධන සහ අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම මහබැංකුවට පමණක් සිදුකළ හැකිකාර්යක් නොවන බව පෙන්වා දෙන ඒ මහතා, ඒ සදහා රටේ පවතින කර්මාන්ත ඇතුලු සියල්ල කටයුතු කළ යුතු බව පවසයි.

    එසේම විදේශ විනිමය අර්බුදයක් පවතින අවස්ථාවක අප සිටින බව පෙන්වා දෙන ඒ මහතා අපට කළ හැක්කේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම බවත් පැවසීය.

    මේවන විට එම සාකච්ඡා සිදු කෙරෙන බවත් මෙම දේශපාලන අස්ථාවරත්වය ඇතිවූයේ එම කාලයේදී බව පවසන ඒ මහතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලැනෙනවිට අනෙකුත් ණය දෙන රටවල් අපට කෙටිකාලීන ආධාර ලබා දෙනු ඇති බවත් ඒ මහතා විශ්වාසය පළ කරයි.

    රට අස්ථාවරත්වයක පවතින විට එම මුදල් ලැබීම් ප්‍රමාදවන බව පෙන්වා දෙන ඒ මහතා, මෙම සාකච්ඡා බාධාවක් නොමැතිව කරගෙන යාමට අවශ්‍ය පරිසරයක් බිහිවිය යුතු බවත් ඉදිරි මාස 6 ඇතුළත රටේ ආර්ථිකය ශක්තිමත් වනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya