ඒ අනුව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා විසින් ජනාධිපතිවරයා විසින් යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපිය සභාවට ඉදිරිපත් කළේ ය.
ඉන් අනතුරුව නව ජනාධිපතිවරයකු තෝරා පත් කරගන්නා ආකාරය පිළිබඳව මහලේකම්වරයා විසින් සභාව දැනුවත් කරන ලදී.
1ජනාධිපති ධූරයේ පුරප්පාඩුවක් ඇතිවී තිබෙන හෙයින්, පාර්ලිමේන්තු රැස්වීමක් සකැඳවීම පිළිබඳ නිකුත් කරන නිවේදනය
2ජනාධිපති ධූරයේ පුරප්පාඩුවක් ඇති වී තිබෙන බැවින් , පාර්ලිමේන්තුවේ රැස්වීමක් කැඳවීම පිළිබඳ නිකුත් කරනු ලැබූ නිවේදය
3ජනාධිපති ධූරය සඳහා නාම යෝජනා භාර ගනු ලබන දිනය සහ වේලාව පිළිබඳ නිවේදනය
විධායක ජනාධිපතිවරයා වශයෙන් තමා එම දූරයේ කටයුතු ආරම්භ කර මාස 03ක් ගතවන විට මුළු ලෝකයටම බල පෑ කොවිඩ් ව්‍යසනය බල පෑ බවත් , ඒ වන විටත් පැවති ආර්ථික අර්බුදය හමුවේ වුවද ජනතාව ආරක්ෂා කර ගැනීමට හැකි වීම සතුටට කරුණක් බව එම ලිපියෙහි සඳහන් කර තිබුණි.
වරින් වර රට වසා දැමීම නිසා වසර ගණනාවක සිට පැවති ආර්ථික අර්බුධය උග්‍ර වීමට සහ විදේශ විනිමය අර්බුදයකට මුහුණ දීමට සිදු වූ බවද ඒම ලිපියෙහි සඳහන් විය. සර්ව පාක්ෂික රජයක් පිහිට වීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක් ගත් බවත් එහි සඳහන් විය.
ඒ අනුව පාර්ලිමේන්තුව යළි ලබන 19 වන අගහරුවාදා පෙරවරු 10ට රැස් වී ජනාධිපතිධූරය සඳහා නාම යෝජනා බාර ගනු ඇතැයි මහ ලේකම්වරයා පාර්ලිමේන්තුවට දැන්වීය.
ජනාධිපතිදූරය සඳහා එක් මන්ත්‍රීවරයෙකුට වඩා වැඩි ප්‍රමාණයක් යෝජනා වුවහොත් ජූලි මස 20 දින පාර්ලිමේන්තුව රැස් වී ඡන්ද විමසීමක් පවත්වනු ඇත. මෙම ඡන්දවිමසීමේ තේරීම්භාර නිලධාරියා වශයෙන් තමා කටයුතු කරන බවද පාර්ලිමේන්තු මහලේකම්වරයා දැන්වීය.
මෙම අවස්ථාවේ වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද පාර්ලිමේන්තු සභාගර්භයේ රැඳී සිටියේය.
පසුව සභාවේ කටයුතු ජූලි මස 19 දින දක්වා කල්තබන ලදී.