ඊයේ(16) උදැසන අමාත්‍යවරුන් සහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබෙන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.
ඊට අමතරව ලබන අගොස්තු මාසයේ දි ඉදිරිපත් කරන සහන අයවැයෙන් ඒ සදහා තවත් අතිරේක මුදල් යෙදවීමට තිරණය කර තිබේ.
අහාර සුරක්ෂිතා වැඩසටහනේ ක්‍රියාමාර්ග වේගවත් කර එම ක්‍රියාවලිය ශක්තිමත් කිරීමටද එම සාකච්ඡාව දි වැඩබලන ජනාධිපතිතුමා උපදෙස් දෙන ලදි.
විශේෂයෙන්ම ඉන්ධන සහා පොහොර ක්‍රමවත්ව මෙන්ම කඩිනමින් ලබාදීමට ද මෙහිදී අවධානය යොමු විය .
එමෙන්ම තම ව්‍යාපාර බධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය ව්‍යාපාරිකයන්ට සකස් කර දිම කෙරෙහි ද මෙම සාකච්ඡාවේදී යොජනා වි තිබෙනවා .
මේ අතර සාමකාමී අරගල නායකයින් විසින් භාර දි ඇති යොජනාවලියේ සඳහන් මහජන කවුන්සිලය හොඳ යොජනාවක් ලෙස පිළිගන්නා බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම සාකච්ඡාවේ දී සඳහන් කර තිබේ.
එමෙන්ම දුෂණය මැඩලීම සඳහා ගනුලබන ක්‍රියාමාර්ග පිළිබඳව අරගලකරුවන්ට ට දැනුම් දෙන බව ද වැඩබලන ජනාධිපතිවරයා පවසා ඇත.