රජයට අයත් පොහොර සමාගම් දෙක වන ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල්පොහොර සමාගම පොහොර බෙදා හරින අයුරු සොයා බැලීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා (17) වත්තල පිහිටි එම පොහොර සමාගම්වලට අයත් ගබඩා නිරීක්ෂණය කරනු ලැබීය.
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දෙන ලද පොහොර මෙට්‍රික් ටොන් 65,000න් පළමුතොගය ලෙස මෙට්‍රික් ටොන් 44,000ක් පසුගිය සතියේ ශ්‍රී ලංකාවට ලබා දී තිබේ.එහිදෙවන තොගය වන මෙට්‍රික් ටොන් 21,000ක තොගය සහිත නැව ඉදිරි සති දෙක තුළ දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
පොහොර බෙදා හැරීමේ දී ප්‍රමාණවත් තරම් ඉන්ධන නොමැතිවීම ගැටලුවක් ව තිබූ අතර ඊට අදාළ අංශවලට දුරකථනයෙන් කතා කළ අමාත්‍යවරයා ඩීසල් අවශ්‍ය ප්‍රමාණයන් එවීමට කටයුතු කරන ලෙස දැනුම් දුන්නේය. එමෙන්ම ඉන්ධන බවුසර් 05ක්සඳහා අවශ්‍ය මුදල් (18දින) ලංකා ඛනිජ තෙල් සංස්ථාවට තැම්පත් කරන ලෙස දඅමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.
යුරියා පොහොර දිවයින පුරා බෙදා හැරීම් කටයුතුවල දී ලංකා පොහොර සමාගම එමතොගයෙන් සියයට 60ක් ද , කොමර්ශල් පොහොර සමාගම සියයට 40ක් ද බෙදා හරිනුලබයි. සියලුම දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි පොහොර බෙදාහැරීම සිදු කෙරේ.
සෑම දිස්ත්‍රික්කයකටම එක් දිනක් හෝ ප්‍රමාද නොකර පොහොර බෙදා හැරීමට කටයුතුකරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම් දුන්නේය. වී වගාවේ දී එක් දිනක් හෝප්‍රමාදවීම බරපතල ගැටළුවක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම ඉන්දීය රජය විසින් ලබා දුන් පොහොර යොදා ගනිමින් එළවළු වගාව සඳහා මිශ්‍රපොහොරක් සකස් කිරීමේ කටයුතු ද මේ වනවිට ලංකා පොහොර සමාගම විසින් සිදු කරනුලබයි. ඒ අනුව ඉදිරියේ දී මෙරට එලවළු වගාව සඳහා සාර්ථක පොහොරක් ලබා දීමටකටයුතු යොදා තිබේ.
ඉන්දීය රජය යටතේ දැනට ලැබීමට නියමිත පොහොර මෙට්‍රික් ටොන් 21,000ක පමණප්‍රමාණය 2022 මහ කන්නයේ වී වගාව සඳහා ද යොදා ගැනීමට සැලසුම් කර ඇති බව දඅමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.