ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
දකුණු පළාතේ විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද අද (19) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.