අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළේ බස් ගාස්තු සංශෝධන නව සැලැස්ම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ අද(19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
ඩීසල් මිල රු.20කින් අඩු වීම නිසා ඒ අනුව ගණනය කොට පොදු මගී ප්‍රවාහන බස් ගාස්තුව 2.23%කින් අඩු කර ඇත. දැනට රු.40 ක් වන අවම ගාස්තුව රු.38 ක් දක්වා පහත දැමේ. මෙය දිවයින පුරා වන 350කට අධික ගමන් වාර සඳහා ක්‍රියාත්මක වේ.
අර්ධ සුඛෝපභෝගී, සුඛෝපභෝගී, අධි සුඛෝපභෝගී, අධිවේගී අධි සුඛෝපභෝගී යන සියලු ප්‍රවාහන සේවා සඳහා බස් ගාස්තු සංශෝධනය අදාළ වේ. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හා පෞද්ගලික මගී බස්රථ සියල්ල ඊට යටත් වන අතර පළාත් හා අන්තර් පළාත් සියලු ගමන් වාර සඳහා ද සංශෝධනය අදාල වේ.
සෑම බස් රථයකම මිල සංශෝධනය ප්‍රදර්ශනය කළ යුතු ය. අද මධ්‍යම රාත්‍රී සිට පොදු මගී රථයක අදාළ ගමන් ගාස්තුව අඩු නොකළහොත් 1955 ක්ෂණික දුරකථන අංකයට දැනුම් දීමෙන් පැමිණිලි කළ හැකිය. ඊට අමතරව ජංගම පරීක්ෂකවරුන් ද මේ සඳහා යොදවා ඇත. මීට සමගාමීව සිසු සැරිය බස් ගාස්තු ද 2 .23%කින් අඩු වේ.