සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමාගේ උදාර සංකල්පයක් යටතේ බිහිකළ මධ්‍ය විද්‍යාල අතරට එක්වූ මෙම විද්‍යාලය 1947 දී ආරම්භ වී ඇත. ලාංකේය අධ්‍යාපන ශ්‍රේණිගත කිරීම් වලට අනුව සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වලින් 4 වන ස්ථානයේ හා මිශ්‍ර පාසැල් වලින් ප්‍රථම ස්ථානයටත් අනුරාධපුර මධ්‍ය විද්‍යාලය පත්ව ඇත.
ජූලි 21 වන දිනට යෙදෙන පාසල් දිනයට සමගාමීව වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත. පාසලේ අභිවෘද්ධියට නිරන්තරයෙන් කැපකිරීම් කරන ආදි ශිෂ්‍ය සංගමය සහ පාසැල් දරුදැරියන් විසින් ප්‍රදර්ශනාත්මක පාපැදි සංචාරයක් සූදානම් කර ඇති අතර, පාසැල් දරුවන් අතර පාපැදිය ප්‍රචලිත කිරීම එහි මූලික අරමුණයි. එම වැඩසටහන ජූලි 21 වන බ්‍රහස්පතින්දා පෙරවරු 7.00ට පාසල ඉදිරිපිටින් ආරම්භ වේ. ඉන් අනතුරුව සමරු උත්සවය අභිමානවත් හා චාම් අන්දමින් පවත්වනු ලැබේ.
එදිනම පස්වරු පහන් පූජාවක් පැවැත් වෙයි. පාසල් දරු දැරියන්ට සහ සමස්ත ලෝක වාසීන්ට සෙත් පතා ජූලි 22 දින සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනයක් පවත්වයි. පසුදින මහා සංඝරත්නයට දානය පිරිනැමීම සිදු කරයි. මෙම වැඩසටහන් වලට අමතරව වර්ෂය පුරා සැලසුම් සහගතව 75වන සංවත්සරයේ සැමරුම් වැඩසටහන් උත්කර්ෂවත් අන්දමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය