මේ අවස්ථාවට ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන , විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහත්වරු මෙන්ම අමාත්‍යාංශ නිළධාරීන් හා අනුබද්ධ ආයතනවල ප්‍රධානීන් සහභාගි විය.
ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමේදී ම පොදු ප්‍රවාහනයට ප්‍රමුඛතාවය ලබා දෙමින් කටයුතු කිරීමට සාකච්ඡා කරන ලදි. එහදී මාර්ග බලපත්‍ර සහිත බස් රථ සඳහා ලංගම ඩිපෝ සහ හඳුනාගත් ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා දීමටත්, දැනට අනෙකුත් පිරවුම්හල්වල ඇති බස් රථ ඩිපෝ වෙතින් ඉන්ධන ලබා දීමටත් තීරණය කරන ලදි. එමෙන්ම ඉදිරියේදී ප්‍රවාහන නියාමන ආයතන මගින් බලපත්‍රලාභී සහ පොදු ප්‍රවාහනයේ යෙදෙන බස් රථ සඳහා එම බස් රථ ධාවනය අනුව ඉන්ධන කෝටාවක් ලබා දීමටත් තීරණය කරන ලදි.