පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    ඡන්ද විමසීම සාර්ථක කර ගැනීමට සියලු පක්ෂවල සහය අපේක්ෂා කරනවා - කථානායක

    ජූලි 20, 2022

     පාර්ලිමේන්තුව ලබන 27 වැනි බදාදා රැස්වීමටත් තීරණය කෙරේ

    අදාළ නීතිරීතිවලට අනුගත වෙමින් පාර්ලිමෙන්තුව විසින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම සදහා (20) පැවැත්වෙන ඡන්ද විමසීම ප්‍රජාතන්ත්‍රවාදයට කරමින් සාර්ථකව අවසන් කර ගැනීම සදහා සියලු පක්ෂවල සහය අපේක්ෂා කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

    ඊයේ (19) පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඒ මහතා මේ බව සදහන් කර සිටියේය.

    අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේ මෙම ක්‍රියාවලිය මේවන තෙක් අදාළ නෛතික රාමුව තුළ සාර්ථකව පැවැත්වීමට සියලු පාර්ශවයන් දැක්වූ සහය අගය කරන බව ද කථානායකවරයා පැවසීය.

    අද පැවැත්වෙන රහස් ඡන්ද විමසීමෙහි තේරීම්භාර නිලධාරියා ලෙස කටයුතු කරන පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා මෙහිදී පවසා සිටියේ ඡන්ද විමසීමට පෙර 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත අනුව අවශ්‍ය සියලු මාර්ගෝපදේශයන් ගරු මන්ත්‍රීවරයන්ට දන්වා සිටින බවයි.

    මේ අතර පාර්ලිමේන්තුව යළි ලබන 27 වැනිදා රැස්වීමට ද පැවති පාර්ලිමේන්තු‍ කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය. මහජන ආරක්ෂක පනත යටතේ වැඩබලන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලද හදිසි අවස්ථා ප්‍රකාශනය එදින අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට මෙහිදී තීරණය විය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya