පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    ඉන්ධන බෙදා හැරීමේදී පොදු ප්‍රවාහනයට ප්‍රමුඛතාවය ලබාදෙන්න - ඇමති බන්දුල ගුණවර්ධන

    ජූලි 20, 2022

    ඉන්ධන බෙදා හැරීමේදී පොදු ප්‍රවාහනයට ප්‍රමුඛතාවය ලබාදෙන ලෙස ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉල්ලා සිටියේ ය.

    ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (19) පෙරවරුවේ අමාත්‍යාංශයේදී පැවැති ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ නිලධාරි හමුවකදීය.

    මෙරටට ලැබී ඇති ඉන්ධන තොග බෙදා හැරීමේදී පොදු ප්‍රවාහනයට ඉහළ ප්‍රමුඛස්ථානයක් ලබාදී බෙදා හැරීමට කටයුතු කරන ලෙස ඛණිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර මහතාගෙන් ඉල්ලා සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන අමාත්‍යවරයා එමගින් රටතුල පොදු ප්‍රවාහනය කාර්යක්ෂම අයුරින් ක්‍රියාත්මක වීමේදී මහජනතාට තම පුද්ගලික භාවිතයෙන් ඉවත්වී පොදු ප්‍රවාහනයට එක්වීම තුලින් ඉන්ධන සදහා වන ඉල්ලුම අඩුකරගන්න පුලුවං බව වැඩිදුරටත් සදහන් කලා.

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් රටපුරා පුද්ගලික බස්රථ සදහාද දැනට වඩා කාර්යක්ෂම අයුරින් ඉන්ධන ලබාදීමට කටයුතු කරන මෙන් ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරින්ට හා ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට ප්‍රවාහන අමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදෙන ලදි.

    මාර්ග බලපත්‍ර සහිත බස්රථ සදහා ලංගම ඩිපෝ සහ හදුනාගත් ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබාදීමට මෙන්ම දැනට අනෙකුත් පිරවුම්හල්වල ඇති බස්රථ සදහා ඩිපෝ වෙතින් ඉන්ධන ලබාදීමටත් මෙහිදී තීරණය විය.

    ඉදිරියේදී ප්‍රවාහන නියාමන ආයතන මගින් බලපත්‍රලාභි සහ පොදු ප්‍රවාහනයේ යෙදෙන බස්රථ සදහා එම බස්රථ ධාවනය අනුව ඉන්ධන කෝටාවක් ලබාදීමටද තීරණය විය.

    මෙම අවස්ථාවට විදුලිබල බලශක්ති අමත්‍ය කංචන විජේසේකර මහතා, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්, ලංකා ඛණිජතෙල් සංස්ථාවේ සභාපති, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති, ජාතික ප්‍රවාහන කොමිෂමේ සභාපති ඇතුලු අමාත්‍යාංශ නිලධාරින් හා ප්‍රවාහන සංගම් නියෝජිතයින් සහභාගි විය.

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya