ජූනි 03, 2025
tami eng youtube  twitter facebook

    අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම ඇරඹේ

    ජූලි 20, 2022

    පුරප්පාඩුව පවතින ජනාධිපතිධූරය සඳහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීමේ පුර්ණ රහස් ඡන්දය මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී ආරම්භ විය.

    ඡන්දය පැවැත්වීමේ කටයුතු සාර්ථක කරගැනීමට ආදර්ශමත් පාර්ලිමේන්තුවක් ලෙස පවත්වාගැනීමට කටයුතු කරන ලෙස කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව ආරම්භයේ දී අවධාරණය කළේ ය.

    පාර්ලිමේන්තු මහලේකම්වරයා ඡන්දයේ තේරුම්භාර නිල්ධාරි ලෙස කටයුතු කරයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතුරින් කෙනෙකු මෙම තනතුර සඳහා තෝරා පත්කර ගන්නා අතර ඒ සඳහා වන නාම යෝජනා ඉදිරිපත් කිරීම ඊයේ දින සිදුවිය.

    එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී, වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක යන මන්ත්‍රීවරුන්ගේ නම් යෝජනා විය.

    මෙම නාමයෝජනා අතරින් අද ජයගන්නා මන්ත්‍රීවරයා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වශයෙන් පත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya