පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීම- රහස් ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ ජයගනී - ඡන්ද134 ක්

    ජූලි 20, 2022

    පුරප්පාඩුව පවතින ජනාධිපතිධූරය සඳහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීමේ රහස් ඡන්දයෙන් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහතා ඡන්ද 134 ලබාගනිමින් අනුප්‍රාප්තික ජනාධිපති ධූරයට පත් වීමට සුදුසුකම් ලැබීය.

    මහලේකම් ධම්මික දසනායක මහතා විසින් ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කළ අතර ඒකාන්තර බහුතරයකින් විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තෝරාපත් කරගත් බව නිවේදනය කළේ ය.

    ඒ අනුව- මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඡන්ද - 03
    මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා - ඡන්ද 82
    මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද - 134 ලබාගෙන තිබේ.

    ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව 04කි. ඡන්දය දිමෙන් වැළකී සිටි සංඛ්‍යාව 02කි.ප්‍රකාශිත ඡන්ද 223කි. වලංගු ඡන්ද 219කි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya