ජූනි 03, 2025
tami eng youtube  twitter facebook

    ජපන් රැකියා සඳහා තවත් කණ්ඩායමක් පිටත්ව යයි

    ජූලි 21, 2022

    ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා IM Japan ආයතනය එක්ව ශ්‍රි ලාංකිකයින්ට නොමිලේ ජපානයේ රැකියා ලබාදෙන වැඩසටහන යටතේ ජපානයේ රැකියා සඳහා පිටත්ව යාමට නියමිත ශ්‍රමිකයින් 22 කු සඳහා ගුවන් ටිකට්පත් පිරිනැමීම කාර්යාංශයේදී සිදුවිය.

    මෙම පිරිස මේ වැඩසටහන යටතේ පිටත්ව යන 27 වන කණ්ඩායම වේ. මේ යටතේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා තරුණයින් 14ක් හා සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා සඳහා තරුණයින් 8 ක් සුදුසුකම් ලබා තිබේ.

    කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ජපානයේ රැකියා සඳහා බඳවාගැනීම් නතර කර තිබූ අතර, 2022 මාර්තු මාසයේ සිට යළි රැකියා සඳහා යොමුකිරිමට පියවර ගන්නා ලදී. මේ වැඩසටහන යටතේ මේ වන විට 277 දෙනෙකු සඳහා නොමිලේ රැකියා වරම් හිමිවු අතර, තවත් 35 දෙනෙකු ජපානය බලා පිටත් කර හැරීමට සියළු කටයුතු කාර්යාංශය විසින් මේ වන විට සූදානම් කර තිබේ.

    ගුවන් ටිකට්පත් පිරිනැමීමේ අවස්ථාව සඳහා කාර්යාංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ, සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු හා බඳවාගැනීම්) සෙනරත් යාපා, IM Japan ආයතනයේ අධ්‍යක්ෂක එම්.කොමේ, IM Japan ආයතනයේ නව දේශීය අධ්‍යක්ෂක තමුරා, IM Japan ආයතනයේ හිටපු දේශීය අධ්‍යක්ෂක එච්. කවහාරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya