පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 02 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

    ජූලි 20, 2022

    ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කරෛයිනගර් පැරණි කසුරිනා වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ ජුලි මස 19 වන දින රාත්‍රීයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 575 යි ග්‍රෑම් 600 ක පමණ තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රාවක් සැකකරුවන් දෙදෙනෙකු (02) සමගින් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    මුහුදු මාර්ගයෙන් සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මුර සංචාර වැඩි කරමින් නිරන්තර සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, 2022 ජුලි මස 19 වන දින රාත්‍රීයේ උතුරු නාවික විධානයේ ශ්‍රි ලංකා නාවික නෞකා එළාර ආයතනයට අනුයුක්ත පී 157, පී 013 සහ පී 018 යන වෙරළබඩ මුර යාත්‍රා යොදවා යාපනය, කරෛයිනගර් පැරණි කසුරිනා වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදි. එහිදි, සැකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කිරිමේදි එම ඩිංගි යාත්‍රාවේ පාර්සල් 17 ක් වශයෙන් අසුරන ලද ‍ කේරළ ගංජා කිලෝ 575 ග්‍රෑම් 600 ක පමණ තොගයක් (තෙත බර සහිත) සමග එම ඩිංගි යාත්‍රාව සහ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගන්නා ලදී.

     මෙම මෙහෙයුමේ දී නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 172 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

     තවද, නාවික හමුදා භාරයටගත් සැකකරුවන් වයස අවුරුදු 42 ක් සහ 51 ක් වන යාපනය, මාදගල් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන්, කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කයිට්ස් පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිතව ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya