පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    08 වැනි විධායක ජනාධිපති ධූරයේ සුබ මොහොතින් දිවුරුම් දෙයි

    ජූලි 21, 2022

    වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 08 වැනි විධායක ජනාධිපතිධූරයේ දිවුරුම් දීම මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී  සිදු විය.

    08 වැනි විධායක ජනාධිපතිධූරයේ දිවුරුම් දීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා අද (21) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි අතර එහිදී කතානයක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පිළිගත්තේ ය.

    ජනාධිපතිධූරයේ දිවුරුම් දීම අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දී සිදු විය.
    අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා පත් කරගැනීමට පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමෙන් ජයගත් හිටපු වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද මෙසේ විධායක ජනාධිපතිධූරයේ දිවුරුම් දෙනු ලැබීය.

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුව පැවැති ජනාධිපතිධූරය සඳහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීමේ රහස් ඡන්දය ඊයේ (20) පැවැති අතර එහිදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහතා ඡන්ද 134 ලබාගනිමින් අනුප්‍රාප්තික ජනාධිපති ධූරයට පත් වීමට සුදුසුකම් ලැබීය.

    කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමැතිවරු, සම්භාවනීය අමුත්තන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya