පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    දුම්රිය ආසන වෙන්කිරීමේ කාලසීමාව දින 14ක් දක්වා දීර්ඝ කිරීමට තීරණයක්

    ජූලි 21, 2022

    දුම්රිය ආසන වෙන්කිරීමේ කාලසීමාව දින 14ක් දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (වාණිජ) වී.එස් පොල්වත්තගේ මහතා පවසන්නේ, අද (21) උදෑසන සිට ආසන වෙන් කිරීමේ පද්ධතිය මගින් අගෝස්තු මස 4වැනි දින දක්වා වන සියලුම ආසන වෙන්කරගැනීමේ කටයුතු සිදු කළ හැකි අතර පසුව සාමාන්‍ය පරිදි ආසන වෙන් කිරීමේ කාලසීමාව දින 14ක් ලෙස ක්‍රියාත්මක වන බවයි.

    රටේ පැවති නොසන්සුන් තත්වය මත ඉදිරි දුම්රිය ධාවනය සැළසුම් කිරීම ගැටලුසහගත වීම සහ එමගින් මගීන් අපහසුතාවයට පත්වීම පිළිබඳ සැළකිල්ලට ගෙන ආසන වෙන්කිරීමේ කාලසීමාව දින 7ක් දක්වා අඩුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
    රටේ තත්වය යළි සාමාන්‍ය තත්වයට පැමිණෙමින් පැවතීම සහ මගීන් කරන ලද ඉල්ලීමට අනුව නැවතත් මෙම කාලසීමාව දීර්ඝ කිරීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya