ආරක්ෂක අමාත්‍යාංශය වෙත පැමිණි ජනාධිපතිතුමන්ව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා විසින් පිළිගනු ලැබීය.
ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් පසු වික්‍රමසිංහ මහතා ප්‍රථමයෙන් රාජ්‍ය ආයතනයක් වෙත පැමිණ අවස්ථාව මෙය වන අතර එහිදී ආරක්ෂක අංශ ප්‍රධානීන් හමුවී සාකච්ඡාවක්ද පැවැත්වීය.
රනිල් වික්‍රමසිංහ මැතිතුමා ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නේය. ගරු අමාත්‍ය ටිරාල් අලස් මහතා , නීතිපති, ජනාධිපති ලේකම්, ආරක්ෂක
මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති, ජාතික බුද්ධි ප්‍රධානී, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සහ අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.