පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 33 ක් නාවික හමුදා භාරයට

    ජූලි 22, 2022

    ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද අළුයම් කාලයේ ( ජූලි මස 21) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 33 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    බටහිර නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයට අයත් පී 435 වේග ප්‍රහාරක යාත්‍රාව අද (2022 ජූලි 21) අළුයම් කාලයේ මිගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, එම බහුදින ධීවර යාත්‍රාවේ සිටි නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රාවේ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකු (04) ඇතුළුව පිරිමි පුද්ගලයන් 19 ක්, කාත්තාවන් 09 ක්, ළමුන් 05 ක් සමඟ පුද්ගලයන් 33 දෙනෙකු එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    මෙම සෝදිසි මෙහෙයුමේදි නාවික හමුදා භාරයට ගත් වයස අවුරුදු 18 ත් 65 ත් අතර වයසේ පසුවන පුද්ගලයින් ඇතුළු පිරිස හලාවත, මාරවිල, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස ඉදිරි විමර්ශන කටයුතු සඳහා කොළඹ වරාය පොලීසිය වෙත භාර දීමට නියමිතව ඇත.

    තවද, ජාවාරම්කරුවන් විසින් මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් අනාරක්‍ෂිත යාත්‍රා යොදා ගනිමින් සංවිධානය කරනු ලබන මෙවැනි මිනිස් ජාවාරම් වලට හසුවී නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර ජීවිත අවදානමට පත්වීමෙන් සහ නීතිය ඉදිරියේ වරදකරුවෙකු වීමෙන් වළකින ලෙස නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya