ජූනි 03, 2025
tami eng youtube  twitter facebook

    මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් අත් අඩංගුවට

    ජූලි 22, 2022

    ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරමට උතුරු දෙසින් වූ මෙරට මුහුදු තීරයේ සිදුකළ මුර සංචාරයකදී, ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කර මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 06 දෙනෙකු සහ ධීවර ආම්පන්න ජුලි මස 20 වන දින රාත්‍රියේ නාවික හමුදා භාරයට ගත්තේ ය.

    විදේශීය ධීවරයින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන නිතීවිරෝධී ධීවර කටයුතු හේතුවෙන් දේශීය ධීවර ප්‍රජාවට සිදුවන බලපෑම මෙන්ම මෙරට සාගරික පරිසරයේ ජෛව විවිධත්වයට එල්ලවන හානිය මැඩපැවැත්වීමේ අරමුණින්, නාවික හමුදාව මුර සංචාර වැඩි කරමින් අඛණ්ඩ මෙහෙයුම් සිදු කරනු ලබයි.

    ඒ අනුව, උතුරු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක බලඝණයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් මන්නාරමට උතුරු දෙසින් වූ මෙරට මුහුදු තීරයේ සිදුකළ මුරසංචාරයකදී, අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කර මෙරට මුහුදු සීමාවට ඇතුළුවී අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ එම යාත්‍රාවෙහි සිටි ඉන්දීය ධීවරයින් 06 දෙනෙකු සහ ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගැනිමට කටයුතු කෙ‍රිණි.

    නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව සමඟ එහි සිටි ඉන්දීය ධීවරයින් හය දෙනා (06) සහ ධීවර ආම්පන්න තලෙයිමන්නාරමට රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු සිදු කරමින් පවතී.

    එමෙන්ම, මෙම ට්‍රෝලර් යාත්‍රාවද සමඟ 2022 ජුලි මස තුලදී පමණක්, ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයට ඇතුළුව අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රා 04 ක් සමඟ එම යාත්‍රාවන්ගේ සිටි ඉන්දීය ධීවරයන් 29 ක් ඉදිරි නිතිමය කටයුතු සඳහා යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කර ඇත.

     තවද, මෙරට මුහුදු තීරයේ ආරක්ෂාව සහ දේශීය ධීවරයන්ගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව මෙවැනි මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව සිදුකරනු ලබයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya