ඊයේ රාත්‍රියේ (21) ගාලු මුවදොර ඇති වූ සිදු වීම සම්බන්ධව කරුණු පැහැදිළි කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙ බව පැවසීය.
පසුගිය 09 දින සිට අරගල කරුවන් පිරිසක් ජනාධිපති කාර්යාලයෙ රැදී සිටි බවත් ඒ නිසා කාර්යාලයෙ වැඩකටයුතු මෙන් ම,මහජන අවශ්‍යතාවන් සඳහා බාධා සිදු වී තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේ ය.
ඒ නිසා ආරක්ෂක අංශ මැදිහත් වී අද අළුයම් කාලයේ දී රැදී සිටි පිරිස් කාර්යාල පරිශ්‍රයෙන් ඉවත් කර ප්‍රධාන දොරටුව අවහිර කරමින් සිටි පිරිස් ඉවත් කර කාර්යාල පරිශ්‍රයේ කටයුතු කරගෙන යාමට අවශ්‍ය පරිසරය සකස් කිරීමට පියවර ගත් බව ද පැවසීය.
මේ වනවිට ජනාධිපති කාර්යාලය,කාර්යාලය අවට ප්‍රදේශයෙන් විරෝධතාකරුවන් ඉවත් කරලා,ඒ ප්‍රදේශයට ආරක්ෂක නිලධාරින් යොදවා ඒ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසීය.
මේ සිදුවීමෙන් 09 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙන බවත් දෙදෙනෙක් රෝහල් ගත කර තිබෙන බවත් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසු අතර කාර්යාලයේ කටයුතු පවත්වාගෙන යාමට පෙර විමර්ශන කිරීම,අලාබ තක්සේරු කිරීම වැනි කාර්යය රැසක් තිබෙන බවත් ඒ සඳහා පහසුකම් සැලසීමට ආරක්ෂක අංශය සහාය ලබාදී තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසීය.