ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජෙනරල් කමල් ගුණරත්න මහතා යළි පත් කර ඇත.
ජෙනරල් ගුණරත්න ශ්‍රී ලංකා යුද හමුදාවේ විශිෂ්ඨ සේවයක් ඉටු කරන ලද කීර්තිමත් නිලධාරියකු වන අතර මානුෂිය මෙහෙයුමේ අවසන් අධියරය වනවිට ඔහු 53 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙසද කටයුතු කරන ලදී. තවද ඔහු ශ්‍රී ලංකාවේ යුද ඉතිහාසය ඇතළු පොත් කිහිපයක් රචිත ප්‍රවීන කතුවරයෙකුද වේ.