පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    ජාතික ඉන්ධන අවසර පත්‍රය (QR Code) භාවිතය ගැන මහජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක්

    ජූලි 22, 2022

    රටේ පවතින ඉන්ධන අර්බුධය හමුවේ ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් ඇතිවීමට අමතරව කළු කඩ මිළට ඉන්ධන අලෙවි කරන පුද්ගලයන් බිහිවීම නිසා ලැබෙන ඉන්ධන තොග සාධාරණ ලෙස බෙදා හැරීමේ ගැටළුව මතුවිය.

    ඊට විසඳුමක් ලෙස හඳුන්වාදුන් ටෝකන් පත් ක්‍රමය, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලනය සහ ආරක්ෂක අංශ සම්බන්ධ කර ගැනීම වැනි විවිධ ක්‍රමවලින් අපේක්ෂිත ප්‍රතිපල නොලැබීම නිසා ජූලි මස 16 දින සිට වාහනයේ ලියාපදිංචි අංකය අනුව දින වෙන් කරමින් සාධාරණ ලෙස ඉන්ධන බෙදා හැරීම සඳහා ජාතික ඉන්ධන අවසර පත්‍රය (QR Code) රජය විසින් හඳුන්වා දෙනු ලැබීය.

    නව ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී සුහුරු (Smart) දුරකථන නොමැතිවීම, තාක්ෂණික දැනුමේ ඌණතා, අදාල වෙබ් අඩවියට පිවිසීමට නොහැකි වීම, ඉන්ධන පිරවුම්හලකදී QR කේතය ඉදිරිපත් කිරීමට නොහැකි විම වැනි ප්‍රායෝගික ගැටළුවලට මුහුණ දීමට පොදු ජනතාවට සිදු වූ බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා අද (22) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමින් පැවසීය.

    ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව සහ ජාතික යොවුන් සේනාංකය, ඒකාබද්ධව ජාතික ඉන්ධන අවසර පත්‍රය භාවිතය පිළිබඳව මහජනතාව නොමිලයේ දැනුවත් කිරීමේ සේවාවක් ජූලි මස 19 වෙනි දින ආරම්භ කළ බව ලේකම්වරයා කීය.

    යෞවන සමාජ සම්ම්ලනයේ ලක්ෂ 04 කට අධික සාමාජික සාමාජිකාවන්ගෙන් 40% ත් 50% ත් අතර තරුණ තරුණියන් පිරිස, තරුණ සේවා සභාවේ යොවුන් පාර්ලිමේන්තුවේ දිවයින පුරා විසිරී සිටින 360 ක් පමණ වන තරුණ සභිකයන්, ජාතික තරුණ සේවා සභාවේ දිවයින පුරා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මධ්‍යස්ථාන 55 ක විසීරී සිටින තරුණ තරුණියන් සහ ජාතික යොවුන් සේනාංකයේ දිවයින පුරා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මධ්‍යස්ථාන 55 ක විසීරී සිටින තරුණ තරුණියන් මෙම ක්‍රියාවලියට සම්බන්ධ වී ඇති බව ලේකම්වරයා සඳහන් කළේය.

    දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මධ්‍යස්ථාන ආශ්‍රිතව, බස් තැවතුම් පල, දුම්රිය ස්ථාන සහ ඉන්ධන පිරවුම්හල් ආසන්නව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. ඊට අමතරව ජාතික තරුණ සේව සභාවේ සහ යෞවන සමාජ සම්මේලනයේ තරුණ ප්‍රජාව ගෙයින් ගෙට ගොස් මහජනතාව දැනුවත් කෙරේ.

    මෙහිදී සුහුරු (Smart) දුරකථනයට QR කේතය බාගත කර දෙන අතර සුහුරු (Smart) දුරකථන නැති අයට තමන් දන්නා තාක්ෂණය භාවිත කරමින් ළඟ තබා ගැනීමට හෝ වාහනයේ ප්‍රදර්ශනය කිරීමට QR කේතයේ මුද්‍රිත පිටපත් ලබා දෙනු ලැබේ. දැනට ලක්ෂයකට අධික පිරිසක් මෙම සේවාව ලබා ගෙන ඇත. ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් රවීන්ද්‍ර සමරවික්‍රම, ජාතික යොවුන් සේනාංකයේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් දර්ශන රත්නායක, යෞවන සමාජ සම්මේලනයේ ලේකම් තරිඳු නලීන් සහ යොවුන් පාර්ලිමේන්තුවේ ප්‍රවාහන අමාත්‍ය ඉෂාන් ප්‍රියරංග යන මහත්වරු ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වූහ.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya