රට තුළ දේශපාලන ස්ථාවරත්වය පිළිබඳව සහ ආර්ථික අර්බුදය ජය ගැනීමට ගෙන යන ක්‍රියාවලිය පිළිබඳව ඔවුන් අවධානයෙන් සිටින බව තානාපතිනිය පැවසුවාය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ජය ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය විසින් ලබා දිය හැකි දායකත්වය පිළිබදව පැහැදිළි කළ තානාපතිනිය රට තුළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දියුණු කිරීම සඳහා අවශ්‍ය මුල්‍යාධාර ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටින බවද දන්වා සිටියා.
Smart Agriculture ක්ෂේත්‍රය රට තුළ දියුණු කිරීම සඳහා ජාතික තරුණ සේවා සභාව හා යෞවන සමාජ සම්මේලනය වෙත අවශ්‍ය තාක්ෂණික දැනුම, තාක්ෂණය, මූල්‍යමය උපකාර ලබා දෙන ලෙස අමාත්‍යවරයා තානාපතිනියගෙන් ඉල්ලීමක් කළේය.
ඇමරිකානු තානාපති කාර්යාලයේ සහාය ඇතිව කොළඹ, මත්තල සහ යාපනය පවත්වාගෙන ගිය පරිගණක පාඨමාලා නැවත තරුණයන් වෙනුවෙන් ජාතික තරුණ සේවා සභාව හා ජාතික යොවුන් සේනාංකය හරහා ආරම්භ කිරීමට අවශ්‍ය පහසුකම් සපයා දෙන ලෙසත්,
බේස්බෝල් ක්‍රීඩාව හා ටෙනිස් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනයට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියා. මෙවර ඇමරිකාවේ දී පැවැත්වූ විශේෂ ඔලිම්පික් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය සහයෝගය ලබාදීම පිළිබඳව මෙහිදී අමාත්‍යවරයා සිය කෘතවේදීත්වය පළ කළේය.
වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන විදුලි අර්බුදයට විසදුම් ලෙස ඇමරිකානු ආයෝජකයන් මගින් විශේෂ සෝලා විදුලි උත්පාදන ව්‍යාපෘති ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියා. ඒ සදහා අවශ්‍ය ඉඩම් මහවැලි කලාපවලින් ලබා දීමට හැකියාව ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම අවස්තාවට ඇමරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික නිළධාරි ඩැනියෙල් මූන් (Mr.Daniel Moon)මහතා ද එක් විය.