පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    ඊශ්‍රායල් රාජ්‍යයේ රැකියා ලබාදීමේ වැඩසටහන- 1075 දෙනෙකු රැකියා සඳහා පිටත් වෙයි

    ජූලි 25, 2022

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා බලපත්‍රලාභී රැකියා නියෝජිතයින් මාර්ගයෙන් ඊශ්‍රායල් රාජ්‍යයේ රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ මේ වන විට 1075 දෙනෙකු මේ වසරේ දී පිටත්ව ගොස් තිබේ.

    ඒ අනුව තවත් 05 දෙනෙකු 2022.07.24 වන දින ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා පිටත්ව යාමට නියමිත අතර, ඔවුනට අදාල ලියකියවිලි ප්‍රදානය කිරීම කාර්යාංශයේ සභාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී. මෙම අවස්ථාව කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී D.D.P සේනානායක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනරත් යාපා මහත්වරුන් එක්වී සිටියේය.

    කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ඍජු මැදිහත්වීම මත, ඊශ්‍රායල් හා කොරියානු රැකියා ලැබීමේ සාධනීය වර්ධනයක් පෙන්නුම් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya