මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ද සහභාගීවිය.
නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්, රියර් අද්මිරාල් අනුර ඒකනායක මහතා විසින් මෙම අධිකාරියට පත් කිරිමේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා නාවික තටාකාංගනයේදී පිළිගන්නා ලදි.
අනතුරුව, ආරක්ෂක ලේකම් විසින් අභිනව නෞකාවේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් මහානාම තිලකරත්න වෙත නෞකාව අධිකාරියට පත් කිරීමේ සන්නස් පත්‍රය ප්‍රදානය කරන ලද අතර, අණදෙන නිලධාරී විසින් සන්නස් පත්‍රය උත්සව සභාව වෙත ප්‍රකාශයට පත් කරමින්, නෞකාවේ අණසක ගෞරව බහුමානයෙන් යුතුව භාර ගන්නා බවට එහිදී ප්‍රතිඥා දෙන ලදී. අනතුරුව, සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා විසින් අධිකාරියට පත් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක නෞකා ජයසාගර නෞකාවේ නාම පුවරුව සහ නිල ලාංඡනය නිරාවරණය කෙරිණි.
පසුව, නාවික හමුදාධිපති සහ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් විසින් ආරක්ෂක ලේකම් සමඟ අධිකාරියට පත් නෞකාවේ නිරීක්ෂණ චාරිකාවාරයක නිරත වූ අතර, එහිදී නෞකාවේ ජලතරණ නිලධාරී විසින් නෞකාවේ මෙහෙයුම් සූදානම, සැකැස්ම සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව ආරක්ෂක ලේකම් තුමන් දැනුවත් කරන ලදී.
. මෙලෙස අධිකාරියට පත් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක නෞකා ජයසාගර, නිලධාරීන් 10 දෙනෙකුගෙන් සහ නාවිකයන් 68 දෙනෙකුගෙන් යුත් කාර්යක්ෂම කාර්යමණ්ඩලයකින් සමන්විත වන අතර, නෞකාව දිගින් මීටර් 39.8 ක්ද පළලින් මීටර් 7 ක් සහ ටොන් 313 ක විස්ථාපනයකින් යුක්තවේ. මෙම නෞකාව, මීට පෙර සමුද්‍රීය ආවේක්‍ෂණ නෞකාවක් වශයෙන්, දශක හතරකට ආසන්න දීර්ඝ කාලයක් මුළුල්ළේ ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් සුවිශේෂී සේවයක නිරතව ඇති අතර, මුහුදු මාර්ගයෙන් සිදුවන නීතිවිරෝධි කටයුතු මැඩ පැවැත්වීම සඳහා මෙන්ම එල්ටීටීඊ ත්‍රස්තවාදය මෙරටින් මුලිනුපුටා දැමීමේ මානුෂීය මෙහෙයුම සඳහා ද මෙම නෞකාව සුවිශේෂී දායකත්වයක් ලබාදී ඇත.
මෙම අධිකාරියට පත් කිරීමේ උත්සවය සඳහා ගරුතර මහා සංඝරත්නය ප්‍රධාන අන්‍යාගමික පූජකවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සම්භාවනීය ආරාධිත අමුත්තන් සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු පුද්ගලයන් පිරිසක් සහභාගීවී සිටියහ.